කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

August 13, 2021 at 11:17 AM

හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට එළි-හවුස් ජලාශය වෙත සපයනු ලබන ජලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි.