ගුරු වැටුප් ගැටලුව ට විසඳුමක් යෝජනා කිරීම සඳහා පසුගිය කැබිනට් රැස්වීමේදී පත්කල අමාත්‍ය කමිටුව අද රැස් විය.
මේ එම කමිටුව නිකුත් කර ඇති නිවේදනයයි
ගුරු – විදුහල්පති ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ විශේෂ නිවේදනය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (12) පෙරවරුවේ කොළඹ දී සිය පළමු හමුව පැවැත්වීය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධුරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන සාකච්ඡා පැවැත්විණි.
මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් කමිටුව, එළඹෙන සතිය තුළ තුළ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කළේය.
අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූලව හැකිතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටුව පියවර ගනු ඇත.
කමිටුව වෙනුවෙන්,
ඩලස් අලහප්පෙරුම (විදුලි බල අමාත්‍ය )
විමල් වීරවංශ (කර්මාන්ත අමාත්‍ය )
මහින්ද අමරවීර (පරිසර අමාත්‍ය )
ප්‍රසන්න රණතුංග (සංචාරක අමාත්‍ය)
2021.08.12