කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරනු ලබන PCR සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්බන්ධයෙන් උපරිම මිල නියම කරමින් හෙට දිනයේදී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව PCR පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500ක් සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් රු.2000ක් යන උපරිම සිල්ලර මිලකට යටත්ව සිදුකිරීමට පෞද්ගලික අංශයේ රෝහල් වලට නියම කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.