රුසියානු සංචාරකයින් 44 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ (08) කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.
රුසියානු සංචාරක බුබුළ- සංකල්පය මත මොස්කව් නගරයේ සිට ඊයේ(08) පෙරවරු 6.10ට අදාළ ගුවන් යානය මෙරටට පැමිණ ඇති බවයි රුසියාවේ හිටපු ශ්රී ලංකා විදේශ තානාපති උදයංග වීරතුංග සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.
ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බව එම සටහනේ සඳහන් වනවා.