රිෂාඩ් බදුර්දීන් සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් නියෝගය

August 10, 2021 at 3:51 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අගෝස්තු මස 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අද අධිකරණය නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීයි ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් පසුගිය අප්‍රේල් 24 අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.