ජනපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේදී වැඩ භාර ගෙන තිබෙන “අද” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවැති කෙටි උත්සවයකින් පසු දුමින්ද සිල්වා එම තනතුරේ වැඩ භාරගනු ලැබුවා.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ චෝදනාවට වරදිකරුවූ දුමින්ද සිල්වාට අධිකරණය විසින් මරණ දඬුවම නියම වූ අතර පසුව ඉකුත් ජුනි මස 24 වෙනිදා ඔහුට ජනාධිපති සමාව හිමිවුවා.