කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩලයේ දී එම තීරණය ගත් බවයි.
පවතින කිරිපිටි හිඟය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්විමේදී තීරණය වී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ, වෙළෙඳ පොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳව ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී අවධානය යොමු වූ බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම තහවුරු කර ගැනිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.
මේ අතර පරිප්පු හා සීනි හිඟයක් වෙළෙඳපොළ තිබිය නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා..