පෙර සැලසුම් කළ පරිදි එළඹෙන සැප්තැම්බර් පළමු සතියේදී පාසල් යලි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටිනවා.
පවතින කොවිඩ් අවදානම හමුවේ පාසැල් යලි විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ.
” සියලුම ගුරුවරුන්ට එන්නත ලබාදීලා පියවරෙන් පියවර විවෘත කරන්න සැලසුම් කරලා තිබුණා. නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එය සිදුකිරිමට ඉඩක් නැහැ. මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකිරිම සියලුම සිසුන්ට මේ අවස්ථාවේදී වැදගත කරුණක්.
මේ තත්ත්වය මත ගුරුවරුන් ඊට සහයෝගය නොදැක්වීම ඉතා ආත්මාර්ථකාමී වැඩක්. මෙහි දැඩි බලපෑම එල්ලවී තිබෙන්නේ ආණ්ඩුවට නොවෙයි අඩු ආදායම්ලාභී පවුල්වල සිටින දරුවන්ටයි. දරුවන්ගේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගුරුවරුන්ට සහය දැක්වීම අනිවාර්යයි.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.