වෙළෙඳපොළ තුළ මේ වන විට ලිට්රෝ ගෑස් හිඟයක් ද ඇතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටින බවට වාර්තා වනවා..
ලිට්රෝ ගෑස් සමාගම පැවසුවේ, ප්‍රමාණවත් තරම් ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කළද ගෑස් හිඟයක් ඇතිවේ යැයි සිතා ජනතාව වැඩි වශයෙන් ගෑස් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා යම් තදබදයක් වෙළෙඳපොළ තුළ නිර්මාණය වී ඇති බවයි.
රටට අවශ්‍ය ගෑස් සංචිත සිය සමාගම සතු බැවින් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවට ලිට්රෝ ගෑස් සමාගම මීට පෙර ප්‍රකාශ කර සිටියා.
සමාගම එසේ පැවසුවද මේ වන විට වෙළෙඳපොළ තුළ ලිට්රෝ ගෑස් හිඟයක්ද ඇති වී තිබෙන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.