පුත්තලම දිස්ත්‍රික්කයට කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් අඩුවෙන් ලබාදෙන බව පවසමින් අද දින මහවැව නගර මාධ්‍යයේදී විරෝධතාවයක් පැවැත්වුණා. මේ විරෝධතාවයට ජනතාව සහභාගී වී නොසිටි අතර ඒ වෙනුවෙන් ප්ලාස්ටික් මිනිස් අනුරු කීපයක් තබා තිබුණා.
මේ අනුරු වල විරෝධතා පුවරු එල්ලා තිබු අතර එහි සදහන්ව තිබුනේ ශ්‍රී ලංකාවේ අඩුවෙන් එන්නත් ලබා දුන් දිස්ත්‍රික්කය පුත්තලම බවත්, පුත්තලමේ දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ නොසැලකිල්ල මේ තත්වයට හේතුවූ බවයි.