ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව විසඳන්න ඇමති කමිටුවක් පත්කරයි

August 9, 2021 at 11:33 PM

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර තිබෙනවා.

එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.