කිසිම රෝගියෙකු මිදුලේ නැහැ : කළුබෝවිල රෝහල යථා තත්වයට – ඇමති චන්න ජයසුමන (VIDEO)

August 9, 2021 at 9:07 AM

කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි පවතින බවට මාධ්‍ය මගින් පෙන්වූ කළුබෝවිල රෝහලේ කිසිදු තදබදයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ඊයේ දිනයේදී එම රෝහලේ අධීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි.

කොවිඩ් රෝගීන් රෝහලට ඇතුලත් කර ගැනීමේදී ඇතිවන තදබදය මේ වන විට සම්පුර්ණයෙන්ම අවසන් වී ඇති බවත් නව කොවිඩ් ප්‍රතිකාර වාට්ටු දෙකක් ස්ථාපිත කිරීමට ද කටයුතු කළ බවයි කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ.

කළුබෝවිල රෝහලේද ඉකුත්දා වැඩි වශයෙන් ගොඩ ගැසී තිබුණේ ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහ බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ. එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඔහු කියාසිටියේ කළුබෝවිල රෝහලේ ශීතාගාර 37න් 20ක්ම පිරී තිබුණේ කලක් තිස්සේ කොරෝනා නොවන හේතු නිසා මිය ගිය ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහවලින් බවයි.

මෙන්ම කොරෝනා රෝගීන් වැඩි වීම හේතුවෙන් කළුබෝවිල රෝහල් පරිශ්‍රයේ රෝගීන් සිටින ආකාරයක් දක්නට ලැබුණා. කෙසේවෙතත් නව වාට්ටු දෙකක් ආරම්භ කර සියලු රෝගීන්ට ඇදන් ලබා දීමට කළුබෝවිල රෝහලේ පාලන අධිකාරිය මේ වනවිට කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේ.