ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කළ තරුණයෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් එම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
මෙම තරුණයා විසින් අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප 500 ක් පමණ මෙලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
සැකකරු ව්‍යාජ ගිණුම් 02 ක් භාවිත කර දිනපතා එම ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එකතු කරන බවට වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි පුද්ලයෙකු වන අතර ඔහු අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.