රාජ්‍ය සේවකයින් සතියට සේවා මුර දෙකක් යටතේ සේවයට කැඳවිමට ද තීරණය කළ බවත් ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය සහ උපදෙස් ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කිරිමට නියමිත බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
මේ අතර වත්මන් කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ යෙදී සිටින ගැබිණි මව්වරුන් කාර්යාලයට නොකැඳවා ඔවුන්ට නිවසේ සිට සේවය කිරීමේ පහසුකම් ලබාදීමට ද තීරණය කර ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියේ.