ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති ගුරු – විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් -19 ආසාදිතයින් නොවන බවට ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වී තිබෙනවා,
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ ඒ අනුව එම සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
මෙම 44 දෙනාට ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16ක් සහ වෙනත් පුද්ගලයින් 6 දෙනෙකු ඇතුළත්.
ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබුවා.