විරෝධතාවල නිරතවී සිටියදී ඊයේ (04) පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණා. නමුත් ඔහුට ඒ සඳහා අවසර හිමි වුයේ නැහැ.
“මගේ කාලය කන්නේ නැතුව පොඩ්ඩක් කතා කරන්න දෙන්න. මගේ අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙලා තියෙන්නේ. මගේ වරප්‍රසාද කඩවීම ගැන පාර්ලිමේන්තුවේදි කතා කරනවා. පොලීසියට ගිහින් මට මේ ගුරුවරුන්ගේ දුකසැප හොයලා බලන්න බැරිනම් රටේ මොන ප්රජාතන්ත්රවාදයක් ද?” ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියා.
ගුරු- විදුහල්පති වෘත්තිය සමිති ඊයේ පස්වරුවේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණි අතර ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වී උද්ඝෝෂණයක නිරත වු අතර එහිදී විවිධ චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.