කලකට පසු රටම ඇරේ.!

July 31, 2021 at 8:20 AM

අද (31) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබේ.

ඒඅනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ සඳහන් කළේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම අද හුදකලා බවින් ඉවත් කළ බවය.

ඒ අනුව කොවිඩ් තත්ත්වය හේතුවෙන් දිවයිනේ හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇත.

දැන් ක්‍රියාත්මක වන්නේ පළාත් අතර සංචරණ සීමා පමණි.

රජයේ සේවාවන් ද පළමුවැනිදා සිට යථාවත් කෙරේ.