ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරක් අජිත් රෝහණටත්

July 29, 2021 at 5:19 PM

පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පත් කර තිබේ.

නීතීඥ වරයෙකුද වන අජිත් රෝහණ මහතා එම අධිකාරියේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස පත් කර ඇති අතර වසර තුනක් සඳහා එම පත්කිරීම වලංගු වේ.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.