වැටුප් විෂමතා ගැටලුව සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් ගුරුවරු ක්‍රියාත්මක කර ඇති ඔන්ලයින් වැඩ වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියයි.
එම පිපිරිස අද අග්‍රාමාත්‍ය,ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු කැබිනට් අනුකමිටුවක් සමග සාකච්ඡා කළෝය.
මේ අතර රජය තීරණය කර ඇත්තේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා දුරු කිරීමේ පළමු අදියර ලබන අයවැයට ඇතුළත් කිරීමට ය.
මේ අතර හෙද සංගම් කිහිපයක් හෙට වර්ජනයක නිරත වන බව දැනුම් දී තිබේ.
ඒ අනුව හෙට දිනයේ දිවයින පුරා රෝහල් 100 ක මධ්‍යහන 12 සිට 1 දක්වා වැඩවර්ජනයක යෙදෙන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොලඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ .
ඔවුන් ඉල්ලූ ඉල්ලීම් නොලැබීම හේතුවෙන් මෙලෙස වැඩ වර්ජනයකට යන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා
වැඩවර්ජන සිදු වුවද සේවය අඛණ්ඩව කරගෙන යන බවත් ඒ අතරම විරෝධතාවයක් එල්ල කරන බවත් ඔහු පවසයි.
නමුත් හෙට දිනයේ දී මේ සඳහා පිළිතුරක් නොලැබුන හොත් ඉදිරි දින හතෙන් පසු දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වන ලදී