පස් මස් බිළිඳියකගේ හිස මත වැටුණු පොල් ගෙඩිය

July 23, 2021 at 10:56 PM

මේ බිබිල රෝහලේ වෛද්‍යවරයා තැබූ ෆේස්බුක් සටහනයි

“හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් බරපතල තුවාල ලබා බිබිල රෝහලට ඇතුලු කල මාස 5ක බිළිදියක් අද මහනුවර ජාතික රෝහල වෙත රැගෙන යාමට සිදුවූ අතර, අනතුරෙන් ඇයගේ හිස් කබල ස්ථාන 2කින් පුපුරා ගොස්, මොලයේ අභ්‍යන්තරයට ද කුඩා රුධිර වහනයක් සිදු වී තිඹිනි.

ප්‍රතිකාර වහාම ආරම්භ කර ඇති අතර ඇය මේ වන විට සුවය ලබමින් සිටී.

මහනුවර රෝහලේ වෛද්‍යවරුන් ට අනූව අද දිනට පමනක් හිස මතට පොල් ගෙඩි වැටීමෙන් කෑගල්ල රෝහලෙනුත්, රිකිල්ලගස්කඩ රෝහලෙනුත් මෙලෙසම කුඩා ළමුන් රැගෙන විත් ඇති අතර බිබිල රෝගියා අද දින තුන්වැනියාය.

ඔබට මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ දැනුවත් කිරීමටයි.

අම්මේ.. තාත්තේ..
මේ ගතවන්නේ අධික සුලං භේතුවෙන් ගස් අතු/ ගෙඩි කඩා වැටෙන කාලයයි. එ නිසා ඔබත්, ඔබගේ පවුලේ අයවලුනුත් ඒ පිලිබද අවදානයෙන් පසු වන්න..

ප ලි. – රෝගියා රැගෙන ගිය පසු නුවර රෝහලේ කාර්‍ය මණ්ඩලය සිදුකල අගයකිරීමට තුති..
“ඩොක්ටර් ඇම්බියුලන්ස් එකෙන් බැහැල, ට්‍රොලි හොය හොය ඉන්නෙ නැතුව, බබා දෝතට අරං දුවල ආවම අපි හිතුවෙ මේ බබාගෙ තාත්ත කියලනෙ.. ” 🙏