හලාවත නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවකගෙන් සහ මීගමුව නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන තවත් පුද්ගයෙකුගෙන් එම ජාවාරම් පවත්වාගෙන යාමට නම් මුදල් ලබාදිය යුතු බවට පවසා කප්පම් ඉල්ලූ යුධ හමුදා නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඊයේ දින හලාවත නගරයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම් සිදු කරන කාන්තාවකගෙන් කප්පම් මුදල් ලෙස රු.15,000ක මුදලක් ඉල්ලා සිටි පුද්ලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් අදාළ කාන්තාව හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
එම මුදල් රැගෙන යාමට අදාළ පුද්ලයින් පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවත් පසුව ඔවුන් හමුදා නිලධාරීන් බවට අනාවරණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
තව ද පෙරේදා (ජූලි 20) දින මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයෙකුගේ නිවසට පැමිණි පුද්ගලයෙකු අදාළ ජාවාරම දිගට ම කරගෙන යාමට නම් රු. 80,000ක මුදලක් ඉල්ලා ඇති බවත් මීගමුව පොලිසිය මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමේදී එම සැකකරු ද හමුදා නිලධාරියෙකු බවට අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් 3 දෙනා අද (22) දින හලාවත සහ මීගමුව අධිකරණ වෙත යොමු කිරීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඔවුන් වහාම යුධ හමුදාවෙන් නෙරපා දැමීමට කටයුතු කරන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතරේ හමුදා නීතිය යටතේ ද උපරිම ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවට හමුදාපතිවරයා ප්‍රකාශ කළ බවයි.