පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල පවසනවා.
එම කාන්තාව එන්නත ලබාගත් එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු භාරව පවතින ගඟවට කොරළයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
උඩපේරාදේණිය ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක දී අදාළ කාන්තාවට මොඩර්නා කොවිඩ් මර්දන එන්නත එකම දිනයේ දෙවතාවක් ලබාදී තිබු අතර මේ වන විට ඇය පේරාදේණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.