මධ්‍යම චීනයට දරුණු ගංවතුර තත්ත්වයක් (VIDEO)

July 21, 2021 at 11:33 AM

මධ්‍යම චීනයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිට අමතරව එහි උමං දුම්රිය මාර්ගයන්, මාර්ග ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

චීනයේ, හෙනාන් ප්‍රාන්තයේ මේ වන විට පුද්ගලයින් දස දහසක් පමණ අවතැන් වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මධ්‍යම චීනයේ උමං දුම්රිය ගමන් සහ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

එම ප්‍රාන්තයේ වෙසෙන මිලියන 94ක ජනතාවට දැඩි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.