ඉදිරියේ දී වී මිලදී ගැනීම සම්බන්ධයෙන් හාල් මෝල් හිමියන් සමග ගිවිසුමක් ඇති කර ගන්නා බව කෘෂි කර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා.
“රජය විසින් වී සහ සහල් සම්බන්ධයෙන් සහතික මිල තීරණය කරන්නේ. ඒ නිසා වැඩි මිලට වී මිලදී ගැනීමෙන් පසු සහල් වැඩි මිලට විකිණුවොත් තිබෙන දඩය රුපියල් 2,500 සිට එය රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන්න තීරණය කරලා තිබෙනවා. අපි ලබන සති දෙක ඇතුලත සහල් මෝල් හිමියන් සමග ගිවිසුමක් අත්සන් තියන්න තීරණය කර තිබෙනවා. එහිදී අපි මෝල් හිමියන්ට දැනුම් දෙනවා වැඩි මිලට වී මිලදී ගැනීමෙන් වලකින කියලා.” පාර්ලිමේන්තුවේ නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා පිළිතුරු දුන්නා.
මේ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුයේ මෙලෙසින්..