අතට පිහි පාරක් එල්ල කොට කාන්තාවකගේ අත් බෑගය කොල්ල කෑ සැකකරු (VIDEO)

July 20, 2021 at 4:24 PM

කොහුවල ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත පිහියකින් කපා ඇගේ අත්බෑගය සොරා ගත් පුද්ගලයෙකු ව ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලක්ෂ 3ක වටිනාකමින් යුත් ජංගම දුරකථනයක්, බැංකු පොත්, ක්‍රෙඩිට් කාඩ්පත් හා රු 10,000ක මුදලක් ද එම බෑගයේ තිබු බවට අනාවරණය වී ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මංකොල්ල කෑ අත්බෑගය වේරහැර, වැලිපාර ප්‍රදේශයේ කැළෑවක සඟවා තිබිය දී සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු 53 හැවිරිදි බොරලැස්ගමුව, වේරහැරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහිවුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

එම ස්ථානයේ සවිකර ඇති සීසීටීවි කැමරාවක කාන්තාවගේ අත්බෑගය කොල්ල කා අදාළ සැකකරු පාපැදියකින් පළා යන අයුරු මෙලෙස සටහන්ව තිබුණා.