සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ්ට කොරෝනා ආසාදනය වීම නිසා ඔහුගේ ආශ්‍රිතයෙකු ලෙසින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍ය රිෂී සුනාක් ද මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම සිය කාර්යාලවල සිට සේවය කරන අතරම දිනපතා කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ මුදල් අමාත්‍ය රිෂී සුනාක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ එරට සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් ගේ ආශ්‍රිතයෙකු වීම නිසා මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් වන බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර සිටියේ.