ජනපති, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් කරයි

July 18, 2021 at 8:16 AM

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6ට කොටුව ජනාධිපති මන්දිරය දී එම රැස්වීම ආරම්භ වනවා.

එම රැස්වීමේදී අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කළේ.

එම විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් අද දිනයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පසුගියදා කථානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.