කොළඹින් කෝටි 15ක කුඩු සමග ‘ඩබල්’ ඇල්ලූ මෙහෙයුම

July 18, 2021 at 7:27 AM

කිඹුලා ඇල ගුණා නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ පුතාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ පුද්ගලයෙක් හෙරොයින් කිලෝ පහළොවක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඩබල් නමින් හඳුන්වන අස්මීර් නම් අයෙක් බවයි පොලීසිය පැවසුවේ .

මේවා සොයාගෙන ඇත්තේ කොළඹ ආදුරුප්පුවීදිය  නිවසක භූගත බංකරයක තිබියදී .

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ කිඹුලා ඇළේ ගුණා ගේ පුතා වන සුරේෂ් නැමැත්තා ඉන්දියාවේ සිට මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම කලක පටන් මෙහෙයවා තිබෙනවා තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත  ඊයේ රාත්‍රී 10:30 ට පමණ මෙම වැටලීම සිදුකර තිබුණා.

මෙම හෙරොයින් තොගේ වටිනාකම කෝටි පහළොවකට ආසන්න බවයි සඳහන් වෙන්නේ.