ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටිමෙන් 19 හැවිරිදි තරුණියක් අතුරුදහන් වි තිබෙනවා. ලිදුල පොලිස් වසමට අයත් සෙන් තොමස්, ලිදුල ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අතුරුදහන් වි ඇති තරුණිය ඇයගේ යෙහෙලියන් දෙදෙනෙකු සමග දිය ඇල්ල නැරඹිමට අද දහවල් කාලයේ පැමිණ ඇත. පසුව එම තරුණියන් තිදෙනා දිය ඇල්ලට ජලය ගලා බසින ඩෙවොන් ඇළට බැස පය සේදිමට උත්සහ කිරිමේදි අතුරුදහන් වු තරුණිය ජල පහරට හසු වි ගසාගෙන ගොස් ඇති බව ඇයගේ යෙහෙලියන් දෙදෙනා විසින් දිඹුල පොලිසියට ප්‍රකාශයක් ලබාදි ඇත.
ඩෙවොන් දිය ඇල්ලට ඉහලින් වු ඩෙවොන් ඇළේ ගල් තලාව මේ දිනවල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ලිස්සන සුළු බවත් එම තරුණියන් තිදෙනා ඩෙවොන් ඇළට බැස ඇත්තේ ඩෙවොන් ඇළට පිවිසම වැලැක්විම සදහා ඉදි කර තිබෙන කටු කම්බි වැටක්ද පසු කරමින් බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.
අතුරුදහන් වු තරුණිය අඩි 297 උස ඇති ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටෙන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර තරුණිය සොයා දිඹුල පොලිසිය මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇත.