අගමැතිට ලැබුණු රාජතාන්ත්‍රික අඹ පාර්සලය

July 18, 2021 at 5:26 PM

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතුම් ලෙස එරට වගා කරන ලද අඹ පාර්සලයක් ඒවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam විසින් අදාළ ත්‍යාගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා. එම ත්‍යාගය භාර ගනිමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් සිය බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වෙත සිය හෘදයාංගම ස්තූතිය පළකර තිබෙනවා.

එය දෙරට අතර වන එලදායි සම්බන්ධතාවය සංකේතවත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේ.

මීට පෙර අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙතද මේයාකරයේ අඹ පාර්සලයක් ත්‍යාග වශයෙන් යවා තිබෙනවා.

එමෙන්ම ඇය විසින් ඉන්දීය ජනාධිපතිවරයාට සහ ඉන්දියාවේ මහඇමතිවරුන් ගණනාවකට ද අඹ පාර්සල් ත්‍යාග වශයෙන් යවා ඇති බවයි වාර්තා වන්නේ.