අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මන්ත්‍රිවරයාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.