රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.
රට පුරා දිස්ත්‍රික්ක මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබෙන අතර රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියා.
පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කර සිටියා. මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.
ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුළ එන්නත්කරණය කළ හැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන පෙන්වා දුන්නේ.
ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක කේෂ්ත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී තිබේ. එම නිසා අදාළ කේෂ්ත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේ. ඕනෑම කේෂ්ත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ.
ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කර සිටියේ. එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳව විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ පෙන්වා දෙනු ලැබුවෙ.
පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තිකරණය වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.