පොලිස් අත් අඩංගුවේදී සිදුවූ මරණයකට වසර 5කින් සාධාරණය ඉටු වේ! පවුලේ අයට මිලියනයක් ගෙවන්න නියෝග.

July 16, 2021 at 7:19 PM

2017 වසරේදී පෑලියගොඩ පොලීසිය මගින් අත්අඩංගුවටගත් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාලව ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝගකර තිබේ.

සී. එස්. වික්‍රමාරච්චි නැමැති පුද්ගලයෙකු වධ හිංසනයට ලක්ව මරණයට පත්වීම තුළින් පොලීසිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය ලබාදී
ඒ අනුව රජය විසින් රුපියල් 750,000 ක වන්දියක් මියගිය පුද්ගලයාගේ බිරිඳට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර තිබේ.

ඊට අමතරව මියගිය තැනැත්තා අත්අඩංගුවටගත් පෑලියගොඩ පොලීසියේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකු විසින් රුපියල් 50,000 බැගින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් මියගිය තැනැත්තාගේ බිරිඳට ගෙවිය යුතු බවට අධිකරණය නියෝගකර තිබුණි.

ඒ අනුව වන්දි වශයෙන් හිමිවන රුපියල් ලක්ෂ 10ක මුළු මුදලින් ලක්ෂ පහක් මියගිය තැනැත්තාගේ බාලවයස්කාර දරුවන් දෙදෙනාගේ නම්වලින් සමසමව රාජ්‍ය  බැංකුවක තැන්පත් කළයුතු බව අදාළ නියෝගයේ සඳහන් වේ.

ඉතිරි රුපියල් ලක්ෂ පහක මුදල මියගිය තැනැත්තාගේ බිරිඳට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර තිබේ.

2017 වසරේ මෙම සිදුවීම මාධ්‍ය ඔස්සේ  මෙලෙස වාර්තා කර තිබුණි.