උද්ඝෝෂණ වලින් පසු නිරෝධායනට යැවූ වෘත්තීය සමිති නියෝජිතයන් මුදා හැරේ.

July 16, 2021 at 11:06 PM

පසුගිය 7 වැනිදා කොළඹ දී සහ තවත් ස්ථාන කීපයකදී සංවිධානය කළ උද්ඝෝෂණ වලින් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇපමත මුදා හළ පසු නිරෝධායනයට යොමුකළ පිරිස ඉන් මුදා හැර තිබේ.

මුලතිව් නිරෝධායනය මධ්‍යස්ථායක් වෙත යොමුකර සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුලු 16ක් අද මුදා හැර ඇත.

 
එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුලු පස් දෙකනෙකුද අද පල්ලෙකැලේ නිරෝධායන මධමධ්‍යස්ථානයෙන් මුදාගැරිණ.

මෙම වෘත්තීය සමිති නියෝජිතයන් නිරෝධායනයට යැවීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් ගුරු සංගම් කීපයක් ඇතුලු අධ්‍යාපන වෘත්තීය සමිති කීපයක් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් පසුගිය 12 වැනි සඳුදා සිට ඉවත් වූ අතර අදත් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම සිදුනොවීය.