13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර දැරියගේ පියා ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඒ සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කාන්තාව ඇතුළු පුද්ගලයින් 5 දෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර මෙම දැරියව අපයෝජනය කළ තවත් පුද්ගලයින් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කරන්නේ.