එන්නත්කරණ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබාදෙන දායකත්වය අතිවිශිෂ්ඨයි – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරියගෙන් සහතිකයක්
රජය ක්‍රියාත්මක කරන ප්‍රජා එන්නත්කරණ ව්‍ය්‍යාපෘතිවලට ශ්‍රීලංකා යුද්ධ හමුදාව ලබාදෙන දායකත්වය අතිවිශිෂ්ඨ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කළමනාකරණයකරන කොළඹ විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේ ඇති ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ අද (15) නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
එහිදී අලාකා සිං මහත්මිය මෙසේද ප්‍රකාශ කළාය.
“ඇත්තටම එය ඉතා හොඳ උත්සහයක්, එය ඉතා හොඳ දායකත්වයක් බව ඉතා පැහැදිලිව පෙනෙනවා
එන්නත්කරණය සඳහා අවශ්‍ය ක්‍රියාවලිය ඉතා හොඳට ක්‍රමානුකූලව සංවිධානය කර තියෙනවා. අවශ්‍යතාවක් වුවහොත් ඒ සඳහා මුහුණ දීමට වෛද්‍යවරුන් සහ ගිලන්රථද මෙහි සුදානම් කර තිබෙනවා.
නමුත් එවැනි අනපේක්‍ෂිත දේවල් මෙහි සිදුවුණේ නැහැ.
මෙම ක්‍රියාවලිය ඉතා හොදින් සිදුවෙනවා දැකීම සතුටක්. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතා වැදගත් කාර්යභාරයක් මෙහිදි ඉටුකරනු ලබනවා.
අපි හිතනවා මෙය හොඳට ඉදිරියට පවත්වාගෙන යයි කියලා අතිගරු ජනාධිපතිතුමා ඉතා බලාපොරොත්තු සහගත ලෙස ක්‍රියාකරනවා. එහෙයින් මෙම ක්‍රියාවලිය ඉතා හොදින් සිදුවෙනවා. වසංගතය දුරු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග අපි අගයනවා මෙම ක්‍රියාවලිය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිතරම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනි සිටිනවා.”
අලාකා සිං ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රීලංකා නියෝජිත.