නව මුදල් ඇමතිට ඉන්දියාව සුබ පතයි.

July 14, 2021 at 6:08 PM

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

 

ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මියගේ සුබපැතුම් ඇතුළත් ලිපියක්ද ඔහු අමාත්‍යවරයා වෙත භාරදුන්නේය.

පශ්චාත් කොවිඩ් කාලරාමුව තුල දෙරටේ ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා ජළ බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය නිවේදනය කළේය.