ක්‍රිකට් බලධාරීන් සහ ජනපති අතර හමුව කල් යයි

July 14, 2021 at 4:51 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාව කල් දමා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර සිටිනවා.

” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කැපවී සිටින බවයි” ක්‍රීඩා අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ විසින් නිකුත් කර ඇති ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් ව ඇත්තේ.

අද උදෑසන ට්විටර් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබු බවයි.