ඊයේ දිනයේදී පුද්ගලයින් ලක්ෂ 03කට කොවිඩ් එන්නත ලබාදෙයි

July 14, 2021 at 9:25 AM

මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ දිනයේ සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 289,122ක් සඳහාත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,385 දෙනෙකු සඳහාත් ලබාදී ඇත. එමෙන්ම ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,202ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 700ක් ද කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 36ක් ද ලබාදී තිබෙනවා.

මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් ලබන15 වැනිදා සිකුරාදා මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

මේ එන්නත් ලැබෙනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පදනම යටතේයි.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මොඩර්නා එන්නත් තොගයක් මෙරටට ලැබෙන පළමු අවස්ථාව මෙයයි.