සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනඅනුශ පැල්පිට මහතා අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් අමාත්‍යංශ ලේකම් වරයා වශයෙන් පත් කර තිබේ.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් එම ලිපිය ඊයේ නිකුත් කෙරිණ.
මෙරට අමාත්‍යංශ ගණනාවකම ලේකම් වරයා මෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු ලෙසද ඔහු මීට පෙර කටයුතු කර තිබේ.
අවසන් වරට කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් කටයුතුකරමින් සිටි ඒ මහතා එම අමාත්‍යංශය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග මතුවූ මත ගැටුමක් හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස් වූ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කලේය.
එහිදී ඔහු ඉල්ලා සිටිපරිදි කලින් විශ්‍රාමයාමට ජනාධිපතිවරයා ගේ අනුමැතිය ලැඹුණි.
අනතූරුව අනුෂ පැල්පිට මහතා පත්කෙරුණේ සංවර්ධන ලොතරැයිමණ්ඩලයේ සභාපති වරයා ලෙසයි.
ඉන් සති කීපයකට පසුව සිදුවූ අමාත්‍ය ධූර සංශෝධනය මගින් ස්ථාපනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පැල්පිට මහතා යලි පත් කර තිබේ.
එම අමාත්‍යංශය පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේයි.