හලාවත නගර සභාවේ සභාපති අත්ඩංගුවට

July 12, 2021 at 11:18 AM

පුද්ගලයින් දෙදෙනෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර සහ තවත් පුද්ගලයෙක් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙක් හලාවත රෝහල වෙත ඇතුළත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සභාපතිවරයා සහ අනෙක් පුද්ගලයා අද (12) දිනයේ හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.