තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට

July 12, 2021 at 7:34 AM

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් තවත් “ෆයිසර්” එන්නත් මාත්‍රා 26,000 ක තොගයක් අද(12) අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින්, කටුනායක ගුවන් තොටුපළට රැගෙනවිත් තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙම එන්නත් තොගය ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් ඇත්තේ.

ඉන්පසුව මෙම එන්නත් තොගය දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.35 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව මෙම එන්නත් තොගයත් සමග, ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙන්වා ඇති ෆයිසර් එන්නත් මාත්‍රා තොගය, 52,000 ක් වනවා.