වෛද්‍යවරියගේ ජායාරූප ගත් වෛද්‍යවරයා අත්අඩංගුවට

July 11, 2021 at 11:03 PM

රාගම රෝහලේ වෛද්‍ය විවේකාගාරය තුළ දී ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ලබා ගත් බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාතික රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු වන අතර, ඔහු රාජකාරි කටයුත්තක් සඳහා රාගම රෝහලට පැමිණි අවස්ථාවේදී අදාළ ඡායාරූප ලබාගෙන තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.