නිහඬ බවත් එක්තරා ආකාරයක අර්ථවත් හඬ නැගීමක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසනවා. ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
පොල් පැල ලක්ෂ 40ක් රෝපණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනට එක්වෙමින් කඩුවෙල ප්‍රදේශයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
“බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් පුද්ගලයෙක් එනවට විරුද්ධව අපි කතා කළේ නෑ. අපි කතා කළේ 20 සංශෝධනය අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය කියන ප්රශ්නය නිරාකරණය විය යුතුයි කියන මතය. ඒ ස්ථාවරයේ අපි තවදුරටත් ඉන්නවා.“
බැසිල් රාපක්ෂ මහතාට මුදල් අමාත්‍යාංශය ලබාදීම ගැන ඔබතුමන්ලාගේ පක්ෂය කැමති ද යැයි එහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටිය අතර, ඊට පිළිතුරු දෙමින් විමල් විරවංශ අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතයා හරි වෙන කෙනෙක් හරි අපි ගොඩනඟලා තියෙන ආණ්ඩුවේ ඉන්න පාර්ශවකරුවන්. ඒ පාර්ශවකරුවන් අතරින් ඕනම කෙනෙකුට ඕනෑම තනතුරක් දීමට ජනාධිපතිතුමාට අයිතිය තියෙනවා. ඒ අයිතිය අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ.“
“ආර්ථිකයේ තියෙන අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මම දන්නේ නෑ එතුමාට ඒක පුළුවන් වෙයි ද ? බැරිවෙයි ද ? කියලා. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඉතා වැදගත්.“ විමල් විරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.