දූවේමෝදර ගගේ දිය නෑමට ගිය සීයා සහ නිවුන් දරුවන් දියේ ගිලි මියයයි

July 10, 2021 at 11:41 PM

කොස්ගොඩ දූවේමෝදර ගගේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි සියාගේ හා හය හැවිරිදි නිවුන් මුණුපුරන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලීසිය සඳහන් කර සිටිනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබන නිවුන් සොයුරන් හා ඔවුන් දෙදෙනාගේ සියා වන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි හැටදෙහැවිරිදි අයකු බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

නාවික හමුදාවේ කිමිදුම් අංශයේ කණ්ඩායමක් විසින් දියේ ගිලීමෙන් මිය ගොස් සිටි තිදෙනාගේම සිරුරු සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සිය දියණියගේ නිවුන් දරුවන් දෙදෙනා සමග මේ තැනැත්තා දිය නෑමට ගොස් සිටියදී මේ අනතුරට ලක්වී ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.