ගැබිණි මව්වරුන් අවදානයෙන් පසුවිය යුතු රෝගයක් ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කරයි

July 10, 2021 at 11:35 PM

“සිකා” වෛරසය මෙරට ව්‍යාප්ත වුවහොත් ඒ හරහා ගර්භණී මව්වරුන්ට වැඩි බලපෑම් එල්ල විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. එම රෝගය මදුරුවන් හරහා සිඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවද ඔහු සඳහන් කළා.

මදුරු විශේෂයක් හේතුවෙන් එම වෛරස් රෝගය පැතිර යන බවටත් එය ගැබිනි කාන්තාවන්ට වැලඳීමෙන් ඉපදීමට සිටින දරුවන්ගේ මොළය කුඩා විය හැකි බවටත් වෛද්‍යවරයා අනතුරු අඟවයි.

එමෙන්ම “සීකා” වෛරස් රෝගය මේ වන විට ඉන්දියාවේ පැතිර යමින් තිබීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් හරහා මෙරටට රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ද කියා සිටියා.

“සීකා” වෛරස් රෝගය ඩෙංගු තරම් භයානක නොවන බව ද පැවසු වෛද්‍යවරයා, එම රෝගය වැඩි වේගකින් පැතිර යන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.