අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (10) පෙරවරු 09.00 සිට අනිද්දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කර සිටින්නේ.
කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.