එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න නිසා විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් ප්‍රකාශ කර සිටියා. නෞකාවේ ගින්න නිසා හානි සිදුවූ ධිවරයින්ට සහන සැලසීමේදී කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල සිටින ධිවරයින්ට පමණක් නොව බලපෑමට ලක්වූ දිවයිනේ සෙසු පළාත්වල ධිවරයින්ටද සහන සලසන ලෙස මෙහිදී විපක්ෂ නායකවරයා වරාය කටයුතු භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට යෝජනා කර සිටියා.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ විපක්ෂ නායකවරයා පරිසරවේදියෙක් බැවින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පිඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සෑම සඳුදාවකම අධිකරණ අමාත්‍යාංශයේ පවත්වනු ලබන සාකච්ජාවට එක්වෙන ලෙස ඇරයුම් කරන බවයි. මෙය නව සම්ප්රදායක් බිහි කිරීමට හැකියාව ඇතිවන තැනක් බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.
අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීම තමන් පිළිගන්නා බවත් ලබන සඳුදා සිට එම රැස්වීමට තමන් සහභාගිවන බව මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.