සිරස මාධ්‍ය ජාලය තහනම් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස හෙළි කිරීමෙන් පසු අද පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී වතාවරණයක් ඇති විය.
පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස මහතා කියා සිටියේ සිරස මාධ්‍ය ජාලය නිහඬ කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.
“සිරස මාධ්‍ය ජාලය මර්දනය කිරීමට උත්සාහයක් තිබෙනවා,” රජයේ ඉහළ පෙළේ පුද්ගලයින් සිරසට එරෙහිව නීතිඥයින් කණ්ඩායම් සමඟ කුමන්ත්‍රණය කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
මෙම ප්‍රකාශයෙන් පසුව පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාදයක් ඇති විය.