ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා සමග තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නිරෝධායන රීති කඩ කරමින් බොරලන්ද ප්‍රදේශයේ දී පසුගියදා විරෝධතාවක් සංවිධානය කිරීමේ චෝදනාවට ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.